ව්‍යාපාරිකයෙකුගේ ගිනි අවිය සොරකම් කරයි

ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක සභාපතිවරයෙකුට අයත් ගිනි අවියක් සොරකම් කර ඇති බවට ලද තොරතුරකට අනුව වත්තල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ ව්‍යාපාරිකයා විසින් පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන් සතු බලපත්‍ර සහිත පෞද්ගලික ගිනි අවිය මෙලෙස සොරකම් කර ඇති බවටය.

තමන් නිදා සිටියදී සිය නිදි යහන මත තබාගන්නා ගිනි අවිය සුළං කවුළුවකින් ඇතුළුවූ අයෙකු මෙලෙස සොරකම් කර ඇති බවට සැකකරන බවද ඔහු පොලීසියට පවසා තිබේ.

සැකකරු විසින් ගිනි අවිය සහ එයට යොදාගන්නා ජීව උන්ඩ 12ක් අඩංගු මැගසීනය ද සොරකම් කර ඇත.

වත්තල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *