ව්‍යාජ නෝට්ටු සමඟ දෙන්නෙක් මාට්ටු

දමන, වානගමුව ප්‍රදේශයේ දුරකතන අලෙවි උපාංග ස්ථානයක් මුවාවෙන් නිවසක ඉතා රහසිගතව පවත්වාගෙනගිය  රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙකු සහ ව්‍යාජ මුදල් නෝට්ටු සකස් කිරීම සදහා උපයෝගි කරගත් ලැප්ටොප් යන්ත්‍රයක් ඇතුළු උපාංග රැසක් අත්අඩංගුවට ගත් බව දමන පොලීසිය කියයි.

අත්අඩංගුවට පත් තරුණයින් තිදෙනාම වයස අවුරුදු 29 – 20 ත් අතර පසුවන්නන්වන අතර, ඔවුන් මත් ද්‍රව්‍යය සදහා ඇබ්බැහිවූවන් බවට තොරතුරු අනාවරණයවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

එම ස්ථානයේ තිබී, ඒ 4 ප්‍රමාණයේ කඩදාසි තුනක  මුද්‍රණ කටයුතු අවසන්කර කපා ඉවත්කර නොගත් ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 10 ක් සොයාගැනීමට නිලධාරීන් සමත්ව ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *