ව්‍යාජ නෝට්ටු රැසක් අත්අඩංගුවට…

ව්‍යාජ රුපියල් 43ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 5000 නෝට්ටු මහනුවර අලවතුගොඩ.

පොලිසියට ලැබුණු තොරතුරක් මත පෙරේදා (19) සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රදේශයේ ඡායාරූප මැදිරියක් හිමි එක් සැකකරුවෙකු එම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා එම මැදිරියේ තිබූ පරිගණකය සහ මුද්‍රණ යන්ත්‍රය උපයෝගී කර ගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36 සහ 41 යන වයස්වල පසුවන්නන් බවට හඳුනාගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *