Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට

වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට

“එක්සත් ජාතියක්” (A Nation United) ජාතික මෙහෙයුම යටතේ 2024, 2025 සහ 2026 යන වසර තුනක කාලසීමාව තුළදී රුපියල් බිලියන 249කට අධික (රුපියල් කෝටි 24,900කට වැඩි) වටිනාකමකින් යුත් දැවැන්ත නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී (ASP) එෆ්.යූ. වුට්ලර් මහතා අනාවරණය කළේය.

පොලිසිය විසින් සිදුකරන ලද විශේෂ වැටලීම් සහ මෙහෙයුම් පිළිබඳ සවිස්තරාත්මක දත්ත හෙළිකරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙම වසර තුන ඇතුළත දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් ප්‍රබල මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සිය භාරයට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය සහ ඒවායේ වටිනාකම

  • අයිස් (ICE – Methamphetamine): කිලෝග්‍රෑම් 7,129ක් – වටිනාකම රුපියල් බිලියන 121.644කි.

  • හෙරොයින් (Heroin): කිලෝග්‍රෑම් 4,483ක් – වටිනාකම රුපියල් බිලියන 107.942කි.

  • කොකේන් (Cocaine): කිලෝග්‍රෑම් 333ක් – වටිනාකම රුපියල් බිලියන 14.306කි.

  • ගංජා (Cannabis): කිලෝග්‍රෑම් 33,277ක් – වටිනාකම රුපියල් බිලියන 5.293කි.

ඒ අනුව, මෙරට විනාශ කිරීමට රැගෙන ආ රුපියල් බිලියන 249.18කට අධික දැවැන්ත මත්ද්‍රව්‍ය ජාලයක් මෙලෙස නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව තිබේ.

ග්‍රෑම් 5ට වැඩි නම් මරණ දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මෙරට ක්‍රියාත්මක වන දැඩි නීතිමය ප්‍රතිපාදන පිළිබඳව අවධාරණය කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, 1984 අංක 13 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග පනත සහ 2022 අංක 41 දරන සංශෝධන පනත ප්‍රකාරව වැරදිකරුවන්ට එරෙහිව උපරිම දඬුවම් ක්‍රියාත්මක වන බව සිහිපත් කළේය.

ඒ අනුව, හෙරොයින්, අයිස් (Ice) හෝ කොකේන් ග්‍රෑම් 5කට (05g) වැඩි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම, සන්තකයේ තබාගැනීමට තැත් කිරීම, ජාවාරම් කිරීම, බෙදාහැරීම හෝ නිෂ්පාදනය කිරීම යන වැරදිවලට සම්බන්ධ වන ඕනෑම පුද්ගලයෙකුට මහාධිකරණය මඟින් වරදකරු කරනු ලැබීමෙන් අනතුරුව ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් හෝ මරණ දණ්ඩනය නියම වන බව පොලිසිය මහජනතාවට දැඩිව අනතුරු අඟවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *