පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා රාජ්‍ය ඇමතිවරයෙකු වන එජාපයේ වසන්ත සේනානායක මෙවර ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය දීමට නොහැකි බවට
ලිපියක් යොමු කර ඇති බවට වාර්තා පළවේ.
ඔහු මීට පෙර විපක්ෂයට එක්වූ අවස්ථාවේ දන්වා තිබුනේ එජාප නායක රනිල් සිටිනතුරු පක්ෂයට ගමනක් නැති බවත් සජිත් පත්කිරීම ඉක්මනින් කළ යුතු බවත් දක්වා එසේ නොකළ නිසා මහින්ද පිලට ගිය බවත්ය. කෙසේ වෙතත් වසන්ත සේනානායක මෙවර ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසට සහාය නොදෙන බව කියා ඇත්තේ පරස්පර අදහසක් මතුකරමිනි.
ඔහුගේ මෙවර ලියමනේ දන්වා ඇත්තේ තවදුරටත් අගමැති ධූරය රනිල්ට හිමිව තිබීම හා රවී කරුණානායක, රිෂාඩ් බදුර්දීන් සජිත්ගේ සහායට සිටිම නිසා ජනපතිවරණයේදී තම සහය ලබානොදෙන බවයි.
දේශපාලන ආරංචි හෙළිකරන්නේ වසන්ත සේනානායක නොබෝ දිනකින්ම ගෝඨාභය රාජපක්ෂගේ සහායට එක්වනු ඇති බවකි.