වසන්ත සේනානායක එජාපයෙන් දොට්ට : සජිත්ගෙන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු නෑ

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්ව වහාම අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කරියවසම් මහතා මේ බව දන්වා ඇත.

රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඔහුව ඉවත් කිරීම සඳහා ද ඉදිරියේදි තිරණය කිරීමට නියමිත බවද අකිල විරාජ් කරියවසම් මහතා දන්වා තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා ජනපති අපේක්ෂකත්වයට ගෙන ඒමට හඬ නැගූ වසන්ත සේනානායක මහතා පසුගියදා ආන්දෝලනාත්මක ලිපියක් යොමු කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට නම් කරුණු කිහිපයකට පිළිතුරු අවශ්‍ය බවයි. අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිගටම තබා ගන්නවාද? හකීම් බදුර්දීන් වැනි අන්තවාදයට සම්බන්ධවූවන් ළංකරගෙන ඔවුන්ට ඉදිරි ආණ්ඩුවකදී ඇමැතිකම් ලබාදෙනවාද? රවී කරුණානායක වැනි මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධවූවන් ඉදිරියටත් සජිත් ළඟ තබාගන්නවාද ? වැනි කරුණුවලට පිළිතුරු අපේක්ෂා කරමින් එම ලිපිය ලියා තිබිණි.

මේ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා මේවනතුරු පිළිතුරු නොදුන් අතර මේ වනවිට වසන්ත සේනානායක මහතා පක්ෂ සමාජිකත්වයෙන් ඉවත්කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *