අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු හත් දෙනෙකු ඊයේ රාත්‍රියේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පිරිස අතර හිමිනමක් ද සිටින බව පොලිසිය පවසයි.
විරෝධතාකරුවන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අවහිර කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය සහ අවිශිබම සිසුන් අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වූ බව පොලිසිය පවසයි.
ප්‍රසිද්ධියේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම, පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදුකිරීම සහ පොලිසියේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රාගම පොලිසියට භාරදී ඇති අතර ඔවුන් අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.