ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණපරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබේ. ඒ 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ 02 වන වගන්තිය ප්‍රකාරවයි.
අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා ඇත්තේ වරාය අධිකාරිය සපයනු ලබන සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස සැලකිල්ලට ගනිමින් ඉදිරි කටයුතු සිදුකළ යුතු බවටයි. අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.