ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට අදත් වර්ෂාවෙන් බාධා ඇතිවිය. තරගය ආරම්භයද වර්ෂාව හේතුවෙන් පමාවූ අතර දිවා ආහාරයෙන් පසුවද තරගය පැවැත්වීමට නොහැකි විය.
ඊයේ(22) තරගය නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අද වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 144ක් ලබා අසීරු තත්ත්වයක සිටියේය. නායකත්වයේ වගකීම කරට ගෙන ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්න ලකුණු 65ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරාට හා නිරෝෂන් දික්වැල්ලට කිසිදු ලකුණක් ලබාගැනීමට නවසීලන්ත වේග පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.
අද දිනයේ නොදැවී ක්‍රීඩා කරමින් සිටි ධනංජය ද සිල්වා ලකුණු 32ක් හා දිල්රුවන් පෙරේරා ලකුණු 5ක් ලබා සිටියහ. නවසීලන්තය වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් හා ටිම් සවුති කඩුලු 2 බැගින් දවාගත්හ. හෙට තරගයේ තෙවැනි දිනයයි.
(Image – Cric info)