rathana thero - army

වයස අවුරුදු 18-20 අතර තරුණ තරුණියන්ට හමුදා පුහුණුව ලබා දෙන ලෙස රතන හිමි පවසයි.

පා.ම. වයස අවුරුදු 18-20 අතර මෙරට සිටින සියලුම තරුණ තරුණියන්ට සන්නද්ධ හමුදා පුහුණුවක් ලබාදෙන ලෙස අතුරලියේ රතන හිමියෝ ඉල්ලා සිටිති.

2023 අයවැය විවාදයේදී පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ රටේ තරුණයින්ට පෞරුෂයක් නොමැති බවයි.

“ජාතියේ විනය පිරිහී ඇත. තරුණයාට පෞරුෂයක් නැහැ. යමෙක් අඩි 10ක් ගැඹුරු ගඟකට පැන්නේ නම් ඔහු මිය යනු ඇත. මුහුදේ නාන්න බැහැ, පොල් ගහකට නගින්න බැහැ. අපේ රට කිසිම ධෛර්යයක් සහ අධිෂ්ඨානයක් නැති ජාතියක් බවට පත්වෙලා” යැයිද උන්වහන්සේ පැවසූහ.

“පාසල්වලට යන 350,000ක් ඉන්නවා, අපි බලන්න ඕන ඒ අයට හමුදා පුහුණුවක් දෙන්න. පාසලට ඇතුළත් කරනවා වගේ වයස අවුරුදු 18-20 අතර සියලුම දෙනා සන්නද්ධ හමුදා පුහුණුවට ඇතුළත් කළ යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *