පළමු වසරේ සිට ඉංග්‍රීසි කථන පුහුණුව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙයි.…

ක්‍රියාකාරකම් සහිත ඉංග්‍රීසි කථන පුහුණුව (practical English) ලබන වසරේ සිට පාසල්වල පළමු ශ්‍රේණියෙන් ආරම්භ කරන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය.

මේ අනුව අධ්‍යාපනයේ පරිවර්තන යුගයක් ලබන වසරේ මුල් කාර්තුවෙන් ආරම්භ වන අතර, මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ගුරුවරුන් 13,000ක් පුහුණු කරන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ සඳහා බ්‍රිතාන්‍ය කවුන්සිලය සහ අනෙකුත් ආයතන උදව් කරන අතර, මේ වන විට ඒ සඳහා අවශ්‍ය වැඩ පොත සකස් කර අවසන් බවද ඇමැතිවරයා කීය. නව පාසල් වාරය එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත අතර, එතැන් සිට අලුතින් පළමු ශ්‍රේණියට පැමිණෙන දරුවන් සඳහා භාවිත ඉංග්‍රීසි (practical English) වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය වේ.

එමෙන්ම පූර්ව ළමාවිය සඳහාත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවද සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩි දුරටත් පැවසීය.

අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *