වතු කම්කරු වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම මාර්තු 1 වැනිදා සිදු නොකළ හොත් වෘත්තීය ක්‍රියාමාර්ග අරඹන බව පහත රට වතු කම්කරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.
එසේ වැටුප නොකළහොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමටත්, ඉදිරි මැතිවරණ වර්ජනය කිරීමටත්, විදුලි බිලගෙවීමෙන් වැළකීමටත්, හාම්පුතුන්ගේ බංගලාවල සේවය කිරීමෙන් ඉවත් වීමටත් මේ වනවිට වතු කම්කරුවන් තීරණය කර ඇති බවටත් එම සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා පවසා සිටී.
මෙම වැටුප් වැඩි කිරීම සම්බන්ධව පසුගිය තෛපොංගල් දා ජනාධිපතිවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ කැබිනට් ප්‍රකාශකයන් විසින් කළ ප්‍රකාශයක් සිදු කළද බන්දුල ගුණවර්ධන මහතා සහ හාම්පුතුන්ගේ සම්මේලනයේ සභාපති කණිෂ්ක වීරසිංහ යන මහත්වරුන් විසින් කර ඇති ප්‍රකාශ මෙම සැකයට බලපා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.