වතු කම්කරුවන්ගේ නිවාස ගැටළුව ඉදිරි වසර 05 තුළ අවසන් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. හැටන් කොටගල ප්‍රදේශයේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා කියා සිටියේ, එක්සත් ජාතික පක්ෂය පරාජය පිළිගෙන අවසන් බවත් මේ දිනවල බොරු ප්‍රචාර රැසක් සිදු කරනු ලබන බවත්ය. 16 වැනිදා උදෑසන මොවුන් සමාජ මාධ්‍යවල ගෝඨාභය මහතාට පපුවේ අමාරුවක් සෑදි ඇතැයි පැවසීමට නියමිත බවටද වාර්තා වී ඇතැයි ගම්මන්පිල මහතා කියා සිටියේය. එවැනි කථාවලට හසුනොවන ලෙසත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
රැලිය අමතමින් ගෝඨාභය මහතා කියා සිටියේ තමා තරුණයින් සමඟ සාකච්ඡා කළ බවත්, ඔවුන් මේ පළාතේම විශ්වවිද්‍යාලයක් ඉල්ලා සිටි බවයි. මේ පළාතේ දරුවන්ට සරසවි වරම් ලබා දීමට තමා විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කරන බවත් පැවසු ගෝඨාභය මහතා, වැඩ කරන වතු ජනතාවගේ පඩිය වැඩි කරන බවත් පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ වතු ජනතාවට රුපියල් 1000 ක මුදල අනිවාර්යයෙන්ම ලබා දෙන බවයි.
මේ අතර වෙන්නප්පුවේ පැවති ජන රැලියකදී අදහස් දැක්වු විමල් වීරවංශ මහතා කියා සිටියේ, ප්‍රේමදාස මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ කණගාටුවු වහාම සියල්ල නිවැරදි නොවන බවයි. සමාව ගැනීම තුළම දැන දැනම මෙය කළ බව පිළිගෙන අවසන් බව කියා සිටි විමල් වීරවංශ මහතා, නොවැම්බර් 16 වෙනි දාට මේ රටේ ජනතාව විසින් තීන්දුව ලබා දෙන බවත් පැවසීය.