වත්තල කර්මාන්ත ශාලාවක 49 දෙනෙක්ට කොවිඩ්

ළමා සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය කර අපනයනය කරන, වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, හැඳල කෙරවලපිටිය ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සේවකයන් 49 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. ආසාධිත 49 දෙනා අතරින් 45ක් කාන්තාවන් බවත්, 4 දෙනෙකු පිරිමි පුද්ගලයන් බවටත් වාර්තා වේ.

එමෙන්ම මෙම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1000 කට අධික පිරිසක් සේවයේ යෙදී සිටින බවටත් තොරතුරු අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *