ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට සෞඛ්‍ය අංශ වෙත පැසසුම්

ලෝකයේ රටවල්වලට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය වැඩපිළිවෙල ආදර්ශයට ගත හැකි බවත්, වෛරසය පාලනය කර ගත් රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද එක්වීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය සතුට පලකරන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටී.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් සෞඛ්‍ය පද්ධතියක් ක්‍රියාත්මක වන බව ලෝකය විසින් පිළිගත යුතු බවත් සෞඛ්‍ය පහසුකම් උපරිමයෙන් ඇති රටවල් පවා කොරෝනා වෛසරය පාලනය කර ගත නොහැකිව කඩා වැටී ඇති බවද ඇය සිහිපත් කළා.

රජයේ සැලසුම්, සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශවල ක්‍රියාකාරීත්වය මෙන්ම ජනතාවගේ දායකත්වයද ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලේ සාර්ථකත්වයට හේතු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්සේ මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *