සමස්ථ කොවිඩ් ආසාධිතයින් ගණන 2,687ක් දක්වා ඉහළට

ඊයේ (16) දිනයේ කොවිඩ් ආසාධිත රෝගීන් 13 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2687 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් රෝගීන් 08 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඔවුන් බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින පිරිසක් බවට වාර්තා වේ.

අනෙක් රෝගීන් අතරින් කටාර් හි සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකුත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු ද වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට කොවිඩ් ආසාධනය වීම නිසා රෝගීන් 669 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර රෝගීන් 2007 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *