පදික වේදිකාවේ හෝ අනවසර ස්ථානවල නවත්වන රථවාහන පොලිසියට රැගෙන යාමට පියවර

මාර්ගයේ පදිකවේදිකා මත හෝ අනවසර ස්ථානවල රථවාහන හෝ යතුරු පැදි නවතා තැබීම සිදු නොකරන ලෙසත් අද (17) සිට මේ පිළිබඳව සොයා බැලීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් මෙහෙයුමක් ආරම්භ කරන බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මහා මාර්ගවල අයිනේ අනවසර ස්ථානවල හා පදික වේදිකාවල වාහන ගාල් කර තැබීම නිසා අනතුරු සිදුවීම, පදිකයින්ගේ ගමනාගමනයට අවහිර කිරීම හෝ අවහිර වීම, පිළිබඳව කරුණු රැසක් නිරීක්ෂණය වී තිබෙන බව ද අජිත් රෝහණ මහතා පැවසීය.

එම නිසා මාර්ගයේ යම් ස්ථානයක වාහන නවතා තැබීම තහනම් යැයි සඳහන් ස්ථනවල වාහන හෝ යතුරු පැදි නවතා නොතබන ලෙස සියලු යතුරු පැදිකරුවන්ගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවද එසේ නවතා තැබෙන රථ පොලීසිය වෙත රැගෙන යැමට සිදුවන බවත් එසේ ඇඳගෙන යෑම සඳහා වන වියදම ද එම පුද්ගලයින්ගෙන් අය කිරීමට කටයුතු කරන බවත් එම අයට එරෙහිව නඩු මාර්ගයෙන් කටයුතු කරන බවත් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *