කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පළවන සාවාද්‍ය ප්රවෘත්ති වලට නොරැවටෙන ලෙසට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් නාලක කළුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
ඊයේ සවස කොළඹ ලෝක වෙළෙද මධ්‍යස්ථානයේදී යම් රෝගාබාධයකට ලක්වූ අයෙක් රෝහල්ගත කිරීමට රැගෙන යන අවස්ථාවේ එහි ඡායාරූප ගෙන කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයෙක් යැයි සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය කරනමින් ගෙනයන ප්‍රචාරය සාවද්‍ය බව සෞඛ්‍ය බලධාරීන් දන්වා සිටී. එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශ වල රෝහල් වලට මෙවැනි රෝගීන් ඇතුලත් කර ඇති බවටද සාවද්‍ය ප්රචාරයන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවත් එම ප්‍රචාර ජනතාව අතර අනවශ්‍ය බියක් ඇති වන ලෙසට පතුරුවා හරින බවටත් රජය නිරීක්ෂණය කර ඇත.
මෙවැනි අසත්‍ය ප්රචාරයන්ට නොරැවටෙන ලෙස රජය ඉල්ලා සිටින අතර මෙම වෛරසය සම්බන්ධව යම් ආසාධිත පුද්ගලයකු කුමන හෝ ස්ථානයකින් වාර්තා වුවහොත් ඒ පිළිඹද තොරතුරු නිළ වශයෙන් රජයේ සෞඛ්‍ය බලධාරීන් විසින් මාධ්‍ය ඔස්සේ මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති බවත් ඔවුන්ගේ නිල නිවේදන හා නිල ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වා සිටී.