ලෝක විනාශය නොවුණොත් ජනපතිවරණය පැවැත්වෙන දින කියයි

ජනාධිපතිවරණය එළැඹෙන නොවැම්බර් 15 ත් දෙසැම්බර් 7ත් අතර අනිවාර්යයෙන්ම පැවැත්වෙන බවත් එය කිසිසේත් කල්නොයන බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටි අතර ජනාධිපතිවරයා සිය ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමක් සිදුනොකරන බව ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූ බවද ඔහු කීය.

ලෝක විනාශය හෝ මුරුගසන් වරුසාව ඇති වුවහොත් මිස වෙනත් කිසිදු හේතුවක් මත ජනාධිපතිවරණය කල් නොයන බව මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කළේය.

(Image – Daily FT)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *