ලෝක චෙස් සම්මේලනයේ සභාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණේ

පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් ශූරතාවලියේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සඳහා ලෝක චෙස් සම්මේලනයේ (FIDE) සභාපති ආකාඩි ඩ්වෝර්කොවිච් සිකුරාදා දින දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණියේය.

මෙම ශූරතාවලිය මැයි 16 සිට මැයි 26 දක්වා සිට්‍රස් වස්කඩුවේදී පැවැත්වීමට නියමිත අතර, පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 550 ක් පමණ සහභාගී වෙති.

රුසියාවේ මොස්කව් සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඩ්වෝර්කොවිච් පැමිණියේ ඒරොෆ්ලොට් SU-288 ගුවන් යානයෙනි.

ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් ගෝල්ඩ් රූට් විශේෂ අමුත්තන්ගේ විවේකාගාරයේදී ඔහුව පිළිගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *