ලාංකිකයන්ගේ ස්ථූලතාවය 60%කින් ඉහළට

10% ක් වූ රටේ ජනතාවගේ ස්ථූලතාවය 70% දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

මේ තත්වය මත බෝ නොවන රෝග වලට මුළු රටම ගොදුරුවන දිනය වැඩි ඈතක නොවන බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සදහන් කළේය.

වයස්ගත අයට වඩා වයස්ගත නොවන අය බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවනතාවක් දැන් දකින්නට ඇති බව සදහන් කල ඔහු මෙයට පස් වසරකට පෙර රිජ්වේ ආර්යා ළමා රෝහලේ දියවැඩියා වෛද්‍ය සායනයට එක් දරුවෙක්වත් සහභාගි නොවුණත් අද වන විට වැඩි හිටි සායනවලට නොදැවෙනි ලෙස දරුවන් දියවැඩියා සායනවලට සහභාගිවන බව ද පෙන්වා දුන්නේය.

වයස අවුරුදු 12 ට අඩඩු දරුවන්ගෙන් ළමා රෝහලේ දියවැඩියා සායනය පිරී යන බවද ඔහු පෙන්වා දෙන්නේය. මේ තත්වය මත මව්වරුන්ට පෙර දරුවන් මිය යන තත්වයක් නිර්මාණය වී ඇතැයි ඔහු සදහන් කරයි.

මේ තත්වයට හේතුව ක්ෂණික ආහාර වලට ජනතාව යොමු වීම බවත් දරුවන්ට දැන් ක්ෂණික ආහාර වෙනුවට රටට ආවේනික ආහාර රටාවක් පුරුදු කළ යුතු බවත් අනුරුද්ද පාදෙනිය මහතා සදහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *