රෝහලේ බෝම්බය තැබූ සිද්ධිය

නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ රෝහලක වැසිකිලියක් තුළ තිබී ඊයේ සොයාගත් අත්බෝම්බය එහි තබා ඇති පුද්ගලයා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

ඒ අනුව එම අත්බෝම්බය එහි තබා ඇත්තේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙක් බව පොලීසිය පවසයි.

අත්බෝම්බය එහි තබා ඒ පිළිබඳ ඔත්තුව ද ඔහු විසින්ම ලබාදී රෝහලෙන් ත්‍යාග මුදලක් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රියාව සිදුකර ඇති බව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී  අනාවරණ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *