රෝහල් ඔක්සිජන් ටැංකි සොරකම් කිරීමේ ජාවාරමක් පොලිසිය විසින් වටලයි

පොළොන්නරුව මහ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර් සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ පැමිණිල්ලකට අනුව පොළොන්නරුව අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් දීර්ඝ ලෙස සිදුකළ විමර්ශනයකින් අනතුරුව රෝහල් සේවකයෙකු ඇතුළු සැකකරුවන් 6 දෙනෙකු අද (06) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

2020 වසරේ සිට අදාළ සොරකම සිදුවී ඇති අතර ඔක්සිජන් සිලින්ඩර 210ක් මෙලෙස සොරකම් කර ඇති බවයි වාර්තා වන්නේ.

සොරකම් කරන ලද ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 1000000000000/= අතර විවිධ පාර්ශ්වවලට අලෙවි කර ඇති බවද පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ. 25,000 ක් සහ රු. 40,000 කි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *