Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල් වලට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි

රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සැපයුම් උපකරණ කඩිනමින් රෝහල් වලට ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි

“කොව්ඩ් රෝගය වැළදෙන රෝගීන්ගෙන් යම් ප්‍රමාණයක් ඉතාමත් අසාධ්‍ය තත්වයට පත්වෙනවා. ඔවුන්ට පාවිච්චි කරන්න තියෙන උපකරණය තමයි මේ හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් මැෂින්. දැනට අපි සතුව හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් මැෂින් 350ක් පමණ තියෙනවා. තවත් හයිෆ්ලෝ Hiflow මැෂින් 350 ද තවත් 700 ක් ද මේ වන විට අපි ඇනවුම් කරල තියෙනවා. මමත් කොවිඩ් අසාධ්‍ය වුනු රෝගියෙක් ඒ වෙලාවේ මගේ දිවි බේරා ගැනීමට උපකාරී වුනේ මේ මැෂින් එක. මේ තුළින් අසාධ්‍ය තත්වයේ රෝගීන්ට විශාල සහනයක් ලබා දෙන්න අපිට පුළුවන් වෙනවා.”යැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පවසා සිටියේ ලෝක බැංකු අරමුදලේ, කොවිඩ් මර්ධනය සඳහා ක්ෂණික ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති පෙර සුදානම් ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 386ක් වටිනා ඔක්සිජන් සැපයුම් උපකරණ වලින් පලමු තොගය වන සිරින්ජර් පම්ප් 500 ක්, හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් යන්ත්‍ර 40 ක් අමාත්‍යතුමිය වෙත අද පෙරවරුවේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේදී භාර ගැනීමෙන් අනතුරුවය.

කොවිඩ් ආසාදිත අසාධ්‍ය රෝගීන්ට ඔක්සිජන් සැපයීමට අවශ්‍ය සියලු උපකරණ මේ වන විට රෝහල් වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය කඩිනමින් පියවර ගෙන ඇති අතර මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 650 ක් වටිනා හයිෆ්ලෝ Hiflow ඔක්සිජන් යන්ත්‍ර 612ක්, ඔක්සිජන් කන්සන්ටේටර් 200 ක්, මල්ටි පැරා මොනිටර්ස් 385 ක්, සිරින්ජර් පම්ප් 410 ක් සහ ඉන්ෆියුෂන් පම්ප් 400 ක් දිවයිනේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට මේ වනවිට ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය තවදුරටත් අව‍‍ධාරණය කළාය.

අද දින ලබාදුන් මෙම උපකරණ තොගය එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාලය (U.N.O.P.S) යුනොප්ස් විසින් කඩිනමින් මිලදී ගැනීමේ ක්‍රමෝපාය භාවිතා කරමින් දින කිහිපයක් තුල සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමට කටයුතු කර ඇති අතර මෙහි ඉතිරි උපකරණ තොගය දින කිහිපයක් තුළදී ලබා දෙන බව යුනොප්ස් (UNOPS) ආයතනය අවධාරණය කරයි.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති කාර්යාල නේවාසික කළමණාකරු සුදිර් මුරලිදරන්, ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ජීව වෛද්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනප්‍රිය කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සැපයුම් ඩී.ආර්.කේ.හේරත් යන මහත්වරුන් පැමිණිසිටියහ

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *