Reginald Cooray passed away

රෙජිනෝල්ඩ් කුරේ මහතා අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළුතර දිස්ත්‍රික් නායක, බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා කළුතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ මිය ගියේය.

වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති රැස්වීමක් අතරතුර හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කළුතර රෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා එම හෝටලයේදී සාකච්ඡා කර ඇති බවයි වාර්තා වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *