අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින තමා ඉන් නිදහස් කිරීමට අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
රැදවුම්භාරයේ සිටින තමා කොරෝනා උවදුරට ගොදුරු වීමේ අවදානම අතිශයින්ම වැඩි බැවින් ශ්‍රී ලංකාවේ කෝවිඩ් 19 වසංගතය වේගයෙන් ව්‍යාප්ත වන බැවින් තමාගේ ජීවිතයට බරපතල තර්ජනයක් පවතින බව බදුර්දීන් පවසා සිටියි.
වෙනත් රැඳවියන් සහ පොලිස් නිලධාරීන්ට තමා නිරාවරණය වීම මෙම අවදානමට හේතුව බව ඔහු පවසා සිටියි .
තමා පදනම් විරහිත චෝදනා මත රාමසාන් උපවාස සමයේ නීතිවිරෝධී ලෙසට අත් අඩංගුවට ගත් බවත් ඊට වන්දි ලෙසට රුපියල් මිලියන 5,000 ක මුදලක් වන්දි ලෙසට වග උත්තරකරුවන්ට ගෙවන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසට ද ඉල්ලා සිටින බව පෙත්සම්කරු පවසා සිටියේය.
මෙම පෙපෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා , පොලිස්පතිවරයා , නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.