රිෂාඩ්

රිෂාඩ් කළ විශේෂ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

Share this Article

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට කොවිඩ් – 19 වෛරසය වැළදීමේ අවධානමක් ඇති බැවින් බන්ධනාගාරයේ සිට කොමිසමේ පරීක්ෂණ සඳහා සම්බන්ධවීමට අවසර දෙන්නැයි ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීම පාස්කු ප්‍රහාරය පිළිබඳ ව සොයාබලන ජනාධිපති කොමිසම ඊයේ (17) ප්‍රතික්ෂේප කරන ලදි.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වෙනුවෙන්, පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට ඊයේ පැමිණි නීතිඥවරයා තම සේවාදායකයාට කොවිඩ් – 19 වෛරසය වැළදීමේ අවධානමක් ඇති බව පෙන්වා දෙන ලදි.

ඔහු පැවසුවේ වැලිකඩ බන්ධනාගාරයේ තම සේවාදායකයා රඳවා සිටින කුටිය ආසන්නයේ කුටියකින් කොවිඩ්-19 අසාදිතයෙක් හඳුනාගෙන ඇති බවයි.

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළේ, රිෂාඩ් බදියුදීන් මහතා නියෝජනය කරමින් ඊයේ කොමිසමට පැමිණි පුද්ගලයෙකු රහසිගතව සාක්ෂි විමසීම පටිගත කිරීම හේතුවෙන් අදාළ පාර්ශ්වය පිළිබඳ විශ්වාසය කඩවී ඇති බවය

ඒ හේතුවෙන් බදියුදීන් මහතාට බන්ධනාගාරයේ සිට කොමිසමේ කටයුතුවලට සම්බන්ධවීමට අවස්ථාව ලබාදිය නොහැකි බව සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදි.


Share this Article

Leave a Reply

Your email address will not be published.