හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදීම අභියෝගයට ලක්කරමින් නීතිපතිවරයා ගොනුකළ ප‍්‍රතිශෝධන පෙත්සමට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහාධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ කොළඹ මහාධිකරණය ඉකුත් 13 වැනිදා දුන් නියෝගයකට අනුවයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇපමත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් දෙසැම්බර් මස 30 දා නිකුත් කළ නියෝගය දෝෂ සහිත බව පවසමින් නීතිපති දප්පුල ද ලිවේරා විසින් මෙම ප‍්‍රතිශෝධන පෙත්සම ගොනු කර තිබුණා.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇපමත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් කළ නියෝගය සංශෝධනය කොට ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නීතිපතිවරයා මෙම ප‍්‍රතිශෝධන පෙත්සම මගින් අධිකරණයෙන් ඉකුත්දා ඉල්ලා සිටියේ.