රාජිතගේ සුදුවෑන් සිද්ධියට අදාළ නඩුව අප්‍රේල් 3 දක්වා කල් යයි

සුදුවෑන් සිද්ධියට අදාළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු සිව් දෙනා සම්බන්ධව ඇති නඩුව අප්‍රේල් 3 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27) නියෝග කළාය.

මෙම සිද්ධියට අදාළ පළමු සහ දෙවැනි සැකකරුවන් වන සරත් කුමාර සහ අතුල සංජිව මදනායක යන අය අද අධිකරණයට ඉදිරිපත් නොවූ අතර ඔවුන් දෙදෙනා ඉදිරි නඩු දිනයේ දී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කළාය.

එම සැකකරුවන් දෙදෙනා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පවතින නඩුවකට අදාළව මහර බන්ධනාගාරගතව සිටින බවට තොරතුරු අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *