කෑගල්ල අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ රුවන්වැල්ල වැන්දල ප්‍රදේශයේදී මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථයේ ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසට ආසන්නව මෙම සිද්ධිය සිදුව ඇති අතර, ගැටෙන අවස්ථාවේ රථය තුළ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පස් දෙනෙකු සිට ඇත.
අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියා තුවාල ලබා ඇති අතර පසුව ඔහු අසල රෝහලකට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මේ අතර, රාජ්‍ය අමාත්‍යවරයාද අනතුරින් සුළු තුවාල ලබා මේ වන විට කරවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දැනගන්නට ඇත. ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.