LK reports news sinhala

රාජපක්ෂ පවුලේ ලොකු පුතු අද කුළගෙට

හිටපු ජනපති හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමල් පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගලෝත්සවය අද(12) රාත්‍රියේ වීරකැටිය මැද මුලන නිවසේදී පැවැත්වීමට නියමිතය.

සිය පවුලේ නෑදෑ හිත මිත්‍රාදීන් හා ගමේ පිරිස් එක්වන මෙම උත්සවය අද පැවැත්වෙන අතර ප්‍රභූන් හා දේශපාලනඥයින් සහභාගී වන දෙවැනි උත්සවය ලබන 17වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

නාමල් රාජපක්ෂ මහතා විවාහ වන්නේ 22 හැවිරිදි ලිමිනි වීරසිංහ සමගය. ඇය බෙර වාදන ශිල්පිනියක්, ක්‍රීඩිකාවක් ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇති තැනැත්තියක් වන අතර ඇගේ පියා මෙරට ප්‍රමුඛ පෙලේ හෝටල් ව්‍යාපාර හිමිකරුවෙකි.

අද උදෑසන කොළඹදී විවාහ ලියාපදිංචිය සිදු කරන බවත් රාත්‍රී නිවසේ සාදය පැවැත්වෙන බවත් වාර්තාවේ.

(Image – Trends map)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *