ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විජාතික බලවේගවල මෙහෙයවීමෙන් රයිගමයා සහ ගම්පලයාගේ චරිත රඟදක්වමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමරසේකර මහතා මේ බව පැවසීය.
අමරසේකර මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඇමෙරිකාව ප්‍රමුඛ විජාතික බලවේග විසින් මෙහෙයවනු ලබන මෙම නාටකයේ සජිත් ප්‍රේමදාස මහතාට ඔහු ශ්‍රේෂ්ඨ ජන නායකයෙක් මෙන්ම බෞද්ධ නායකයෙකු ලෙස රඟ දක්වන චරිතයත්, තම දෑත් පිරිසිදු බව පවසමින් සජිත් ප්‍රේමදාස නගන චෝදනා ගණන් නොගෙන සිටීමේ චරිතය රනිල් වික්‍රමසිංහ මහතාටත් රඟ දැක්වීම සදහා ලබා දී ඇති බවයි.