Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රනිල් සමග පක්ෂය ඉදිරියට ගෙනයන හැටි අකිල කියයි

රනිල් සමග පක්ෂය ඉදිරියට ගෙනයන හැටි අකිල කියයි

පක්ෂ නායකත්වය හා එළැඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත්කර ඇතැයි ද පක්ෂයක් ලෙස සියලු දෙනා එකතු වී එක් හඬකින් පක්ෂය ඉදිරියට ගෙන ගියහොත් පාර්ලිමේන්තුව තුළ 113 සැදිය හැකි බවද ‍එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද(10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අකිල විරාජ් කාරියවසම් මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තු මැතිවරණයට තව මාස කීපයක් ඇති බවයි.

2015 ජනවාරි 8 වන දා ජනාධිපතිවරණය ජයග්‍රහණය කළත් 2015 අගෝස්තු 17 තිබු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පක්ෂයට බහුතරයක් ජය ගත නොහැකි වු බවත් ඔහු කියා සිටියේය.

ඒ නිසාවෙන් ඒ පාඩම වත්මන් ආණ්ඩුවටත් ඉගැන්වීමට අවශ්‍ය බව සඳහන් කර සිටි මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂය යනු මහත්වරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවත් පැවසීය.

මේ පක්ෂය ඉදිරියට ගෙන යා යුතු බවත්, එයට හානි කිරීමට කිසිවෙකුට නොහැකි බවත් පැවසු මන්ත්‍රීවරයා ඒ නිසාවෙන් සියලු නායකයින් එකතු වී මෙම ගමන යා යුතු බවත් කියා සිටියේය. ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව වැඩ කිරීමට තම පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බව පැවසු ඒ මහතා, පක්ෂයේ දේවල් සමාජය ඉදිරියට විත් පවසා විවේචනය කිරිම් සිදු කරන්නේ නම් එයට එරෙහිව ඉදිරියේ දී ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය‍.

පක්ෂය තුළ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සියලු නායකයින් එකතු කරමින් ගමන් මාර්ගය ගොඩනඟමින් යන බවත් පැවසු මන්ත්‍රීවරයා, පක්ෂයේ සියලු සාමාජිකයින් නියෝජනය කරමින් පක්ෂ නායකවරයා විසින් කමිටුවක් ද පත් කර ඇතැයි කියා සිටියේය.

එම කමිටුව මඟින් ඉදිරි මහ මැතිවරණය හා නායකත්වයන් ගැන සියලු තීරණ ගනු ලබන බවත් පැවසු අකිල විරාජ් කාරියවසම් මහතා, පක්ෂය තුළ විනයක් ඇති බවත් පැවසීය.

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *