රන්ජන් රාමනායක හිස බූ ගා ගෙන

රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හිස මුළුමනින්ම බූ ගාගෙන සිරකුටියේ තනිවී සිටින බව මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි. සැකකාර මන්ත්‍රීවරයා මෙතෙක් පැළඳ සිටි බොරු කොණ්ඩය ගලවා බාබර් පාටියේ සිරකරුවෙකු ලවා සම්පූර්ණයෙන්ම බූ ගා ඇතැයිද පැවසේ. මේ පිළිබඳව මැගසින් බන්ධනාගාරයේ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ සැකකාර මන්ත්‍රීවරයා ‘පී‘ සිරකුටිය තුළ හිස මුළුමනින්ම බූ ගා ගෙන සිටින බවත් ඔහු පැළඳ සිටි බොරු කොණ්ඩයද ගලවා දමා ඇති බවත්ය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊයේ (16) දිනයේ මන්ත්‍රීවරයා රදවා සිටින කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා. ඒ හරීන් ප්‍රනාන්දු, පාලිත තෙවරප්පෙරුම, හේෂා විතානගේ සහ අර්ජුන රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්. මාධ්‍යයට අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේ රනජන් රාමනායක මහතා හිස බූ ගා, අලුත් ස්වරූපයකින්, කිසිදු අඩුපාඩුවකින් තොරව සතුටින් සිටිනා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *