රන්ජන් අධිකරණය හමුවේ වරද පිලිගනී..

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට තමන් වැරදිකරු ලෙස හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා පත් කෙරුණු පංච පුද්ගල විනිසුරු මඩුල්ල සම්බන්ධයෙන් රූපවාහිනී වැඩසටහනක දී රන්ජන් රාමනායක මහතා සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වූයේ යැයි සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

මෙම පැමිණිල්ල බුවනෙක අලුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී රංජන් රාමනායක මහතා විසින් ඒ බව දැනුම්දී තිබුණි.

දැනට සිරදඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍ය රංජන් රාමනායක බන්ධනාගාර නිලධාරීන් විසින් අද අධිකරණයට රැගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.මෙම චෝදනාවලට තමන් “නිවැරදිකරු” බව මීට පෙර අධිකරණයට පවසා තිබිණි

රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අදාළ චෝදනාවලට “නිවැරදිකරු” යැයි තමන් විසින් මීට පෙර ඉදිරිපත් කළ උත්තරවාදය ඉවත් කරගෙන “වැරදිකරු” යන උත්තරවාදය මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරන බවය.

මේ අතර නිල නොවන වාර්තා පවසන්නේ අධිකරණය හමුවේ වරද පිලිගැනීමකින් පසු රන්ජන් රාහනායක හිටපු මන්ත‍්‍රීවරයාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබෙනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *