Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රන්ජන්ගේ හඬපට විශ්ලේෂණයට නවීන සන්නිවේදන උපකරණ ගෙන්වයි

රන්ජන්ගේ හඬපට විශ්ලේෂණයට නවීන සන්නිවේදන උපකරණ ගෙන්වයි

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකතන හඬපට ප්‍රමාණය පිළිඹද පරීක්ෂණ කිරීමට අවශ්‍ය පහසුකම් පොලිස් දෙපාර්තමේන්තුව සතුව නොමැති හෙයින් අධි ධාරිතාවකින් යුත් නවීන සන්නිවේදන උපකරණ හා පටිගත කිරීමේ උපකරණ සිංගප්පූරුවෙන් ඇනවුම් කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම හඬපට පිටපත් කිරීම සඳහා දැනට මෙරට ඇති නවීනතම උපාංග වලින් සමන්විත ධාරිතාවයෙන් යුත් දෘඩ තැටි ඇතුලු උපාංග මේ වනවිටත් රජයේ රස පරීක්ෂණවරයා වෙත යොමුකර ඇති බවත් එය ප්‍රමාණවත් නොමැති හෙයින් අවශ්‍ය උපකරණ මෙලෙස සිංගප්පූරුවෙන් ආනයන කිරීමට කටයුතු කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේය. මෙම උපකරණ ඉදිරි දින දෙක ඇතුලත ලැබීමට නියමිත බවත් ඒවා ලැබුණු පසු සියළු හඬපට පිටත් කිරීම ආරම්භ කරන බවද එම උසස් නිලධාරියා කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතා සතුව තිබී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකළ හඬපට විශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් 10 ක් පත්කර ඇති බවට පසුගියදා වාර්තා වුණා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම විශේෂ පොලිස් කණ්ඩායම් පත්කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

බස්නාහිර පළාත තුළ පොලිස් ස්ථාන වලින් හා විශේෂ ඒකක වලට අයත් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් මේ කණ්ඩායම් සඳහා පත්කර ඇති බවත් එක් කණ්ඩායමකට සහකාර පොලිස් අධිකාරීවරයකු , ස්ථානාධිපතිවරයෙකු ඇතළු සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බවද පොලිසිය කියයි.

මෙම හඬපට විශ්ලේෂණය කර රන්ජන් රාමනායක මහතා අධිකරණයට , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවවේ පරීක්ෂණවලට සිදුකර ඇති බලපෑම් සම්බන්ධයෙන් අපරාධ නඩු විවිධාන සංග්‍රයට අනුකූලව වෙන් වෙන් වශයෙන් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඔහුට එරෙහිව නඩු පැවරීමට ක්‍රියා කරන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *