එක්සත් ජාතික පක්ෂයෙන් පත්කළ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ආ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙවර ජනපතිවරණයේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව අද පැවසූහ.
අද(5) කොළඹ පැවැති සග සමුළුවකදී උන්වහන්සේ මේ බව පැවසූහ.
ජාතික සංවිධාන රැසක් එක්ව පිහිටුවාගත් විජය ධරණී ජාතික සමුළුව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැති අවස්ථාවේදී උන්වහන්සේ සිය ස්ථාවරය පැහැදිලි කළහ. මහාචාර්ය චන්න ජයසුමන, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි වැනි විශාල පිරිසක් විජය ධරණී හා එක්ව සිටිති.