සියලු ජනපති අපේක්ෂකයින්ට හෙට එන්න කියයි

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයින්ට හෙට 6) මැතිවරණ කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දන්වා ඇතැයි වාර්තාවේ.

හෙට පස්වරු 02.30 ට මෙම සියලු ජනපති අපේක්ෂකයින්ට මැතිවරණ කොමිශන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති අතර ජනාධිපතිවරණයට අදාල නාම යෝජනා බාර ගැනීමේ කටයුතු අනිද්දා (07) දිනයේ සිදු කිරීමට නියමිතය.
ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති සියලු අපේක්ෂකයින් මෙලෙස කැඳවා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
මේ අතර නාම යෝජනා බාරදෙන සදුදා (7) දිනයේ රාජගිරිය මැතිවරණ කොමිසම අසල විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක වේ. ඒ අවට පාසල් කිහිපයකටද සදුදා නිවාඩු ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *