LK reports news sinhala

රටේ නායකයා තෝරාගන්නා හැටි බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය පෙන්වයි

ඡන්දය දිනා ගැනීම සඳහා අපේක්ෂකයින් විවිධ පොරොන්දු දුන්නත් රටේ නායකයා තෝරාගැනීමේ දී රටවැසියා ප්‍රඥාසම්පන්න විය යුතු බව බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ මහනායක කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමියන් ඇතුළු බෞද්ධ සංගම් සහ ගිහි සංවිධාන රැසකගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය නිවේදනය කරන්නේ, සිංහල දෙමළ මුස්ලිම් හා සෙසු සියලු ශ්‍රී ලාංකේය ජනතාව එකම පොදු නීති පද්ධතියක් යටතේ ඒකීය රාජ්‍ය පාලන ව්‍යුහයක් තුළ සාධාරණ දූෂණයෙන් තොර, සාමකාමී සමාජ පරිසරයක් නිර්මාණය කරගැනීමේ අභිලාශයෙන් ජනාධිපතිවරණය පිළිබඳ මහත් බලාපොරොත්තු තබා සිටින බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

“සිංහල බෞද්ධ රටේ සිංහලයන් අද අසරණව බෞද්ධ අයිතිවාසිකම් ද අහිමිව දුක්ඛිතව වාසය කරන්නේ බලලෝභී දේශපාලකයන්ගේ අදූරදර්ශී පාලනය නිසා ය. ඒ අතර උතුරේ දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ඉල්ලීම් දහතුන හමුවෙහි ඇතැම් ජනාධිපති අපේක්ෂකයන් මුනිවත රැකීම, නැතහොත් රහසේ එකඟවීම සිංහලයාගේ අසරණභාවය වඩාත් ප්‍රකට කරන්නක් පමණක් නොව රටේ අනාගතය පිළිබඳවද බිය උපදවන්නකි. දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් පිළිගැනීම, උතුරු හා නැගෙනහිර දෙපළාත් ඒකාබද්ධ කොට එම කලාපයන් දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජ භූමිය ලෙස පිළිගැනීම, දෙමළ රාජ්‍යෙය් ස්වාධිපත්‍යය පිළිගැනීම, දෙමළ ජනතාවගේ ස්වයං නීර්ණය අයිතිය පිළිගැනීම, උතුරු – නැගෙනහිර පළාත් සඳහා ෆෙඩරල් පාලන ක්‍රමයක් ඇතිකිරීම, සිංහල බෞද්ධයා උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීම නැවැත්වීම, එම පළාත්වල මහවැලි ඉඩම් සිංහලයන්ට ලබාදීම නැවැත්වීම හා දැනට පදිංචි වී සිටින සිංහලයන් ඉවත් කිරීම යනු එකී යෝජනාවලින් සමහරකි.”

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකාව තුළ උපරිම බලය බෙදා හැරීමට ප්‍රතිඥා දෙන ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඒකීය රාජ්‍ය සංකල්පය බැහැර කොට නොබෙදුණු හා වෙන් කළ නොහැකි ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදාහැරීමක් ගැන අවධාරණය කිරීම පිළිබඳව බලවත් සැකයක් පවතී. රටට අවශ්‍යව ඇත්තේ, මහජන ආරක්ෂාව, සමෘද්ධිමත් දේශයක් ඇතිකිරීම, රාජ්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට හැකි එඩිතර නායකයෙකි.“

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *