අධිවේගී මාර්ග කොටස් 3ක් විවෘත කරයි – බාගෙට හදා විවෘත කළැයි ප්‍රදේශවාසීන් විරෝධයේ

දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය යා කරන පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටස ඊයේ(7) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. එමෙන්ම දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා කොටසක් ද ඊයේ(7) විවෘත කෙරුණි. කෙසේ වෙතත් අදාළ ඉදිකිරීම් අංග සම්පූර්ණ නොමැති බව පවසමින් ප්‍රදේශවාසීහු විරෝධය පළ කළහ.

දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය යා කරන පිටත වටරවුම් මාර්ගයේ තුන්වන කොටසච අද විවෘත කෙරිණි. මෙලෙස විවෘත කෙරුණේ කඩවත සිට කෙරවලපිටිය දක්වා වූ කිලෝමීටර් 9.6 ක මාර්ග කොටසයි. කෙසේ වෙතත් කෙරවලපිටිය පිවිසුම අසළට පැමිණි කෙරවලපිටිය ගලගහදූව ප්‍රදේශවාසීන් මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් විරෝධතාවක නිරත වු අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා දිගුවෙහි කොටසක් ද  විවෘත කළේය.

ඒ, බරවකුඹුක සිට අන්දරවැව හරහා මත්තල දක්වා වූ කිලෝමීටර් 21.8 ක කොටස සහ අන්දරවැව සිට හම්බන්තොට දක්වා වූ කිලෝමීටර් 16.6 ක් වු මාර්ග කොටසයි.

කෙසේ වෙතත් මෙම මාර්ග කොටස් වැඩ නිමවීමට පෙර විවෘත කර ඇති බවට ප්‍රදේශයේ ජනතාව සහ මහජන නියෝජිතයෝ චෝදනා කළහ. මේ අතර බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුළුගල්ලේ ජිනානන්ද හිමියන්ද මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *