රටවල් 11කට සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කරයි

කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් 11ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර තිබේ.

මේ වනවිටත් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල් සඳහා මෙම තහනම පනවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරයි.

එම තහනම හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබේ.

ඊට අමතරව ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව යන රටවල් සඳහා ද ලබන 15 වන දින රාත්‍රියේ සිට සංචාරක තහනම පැනවීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *