කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ වෛරසයෙන් මියගිය පුද්ගලයින් ගණන 4,000 ක ප්‍රමාණයක් ඉක්ම වූ පසුවයි.
නවතම විදෙස් වාර්තා වලට අනුව කොරෝනා ආසාදිතයින් ගණන 114,285 ක්ද වෛරසයෙන් මියගිය පුද්ගලයින් ගණන 4,009 ක්ද වනවා. ඉන් මරණ 3,120 ක්ම චීනයෙන් වාර්තා වනවා. නව කොරෝනා වෛරසය යුරෝපය ආක්‍රමණය කිරීමෙන් පසු එය වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර විචාරකයින් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සිය අප්‍රසාදය පළ කර සිටින බවට වාර්තා වේ.
මේවනවිට නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ඉතාලියටයි. අද උදෑසන වනවිට ඉතාලියෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා මරණ සංඛ්‍යාව 463 ක්. ගතවූ පැය 24 තුළ පමණක් ඉතාලියේ නව කොරෝනා මරණ 97 ක් වාර්තා වී තිබෙනවා. රට තුළ සිටින සමස්ථ ආසාදිතයින් ගණන 9,172 ක් ඉක්මවනවා.