යුධ හමුදාපති

යුදහමුදාපතිතුමන් දළඳා සමිඳුන්ගේ ආශිර්වාදය ලබයි

තමාට කුමන චෝදනා එල්ල වුව ද දිවි පරදුවට තබා හෝ රට ආරක්ෂා කිරීමට කැපවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අද(25) මහනුවර දළඳා සමිඳුන් වැඳ පුදාගැනීමට පැමිණි අවස්ථාවේදීය.

අද පෙරවරුවේ මහනුවර දළඳා මාලිගයට ගොස් දළඳා වහන්සේගේ ආශිර්වාදය ලබාගත් නව යුදහමුදාපතිතුමන් මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් ද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය. එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සෙසු හමුදාවන් හා පොලීසිය සමග එක්ව ඉදිරි කාලය තුළ බුද්ධි අංශ තර කර රටේ ආරක්ෂාව තහවුරු කිරීමට තමන් පියවර ගන්නා බවයි.

යුදමය වාතාවරණයක් පැවති සමයේදී ද තමාට පැවරුණු වගකීම රට වෙනුවෙන් නොපිරිහෙලා ඉටුකළ බව එහිදි පෙන්වාදුන් ශවේන්ද්‍ර සිල්වා මහතා විවිධ අභියෝග මැද වුව ද තමා යුද හමුදාපති ධුරයට පත් කිරීමට ගත් තීරණය පිළිබඳ ජනාධිපතිවරයාට තම ස්තූතිය පළකරන බව ද සදහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *