යහපාලනය එකඟවී සිටි ජිනීවා යෝජනා දෙකෙන් රජය ඉවත් වෙයි

යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසන් සභාව සමඟ එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි ඊයේ (19) රාත්‍රීයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.

ජිනීවා මානව හිමිකම් යෝජනා දෙක ඉවත් කිරීම පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *