මොරගහකන්ද ජලාශයට වැටී සෙබළෙක් මරුට…

මොරගහකන්ද ජලාශයේ ආරක්ෂාවට යොදවා සිටි කිරලගොල්ල යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරයෙකු නාඋල ප්‍රදේශයේ ජලාශයෙන් වැටී ජීවිතක්ෂයට පත්වුණා.

මොරගහකන්ද ජලාශයේ ජලාශ වේල්ල සහ විදුලි බලාගාරයේ ආරක්ෂාවට යොදවා සිටි දඹුල්ල කිරලගොල්ල යුද හමුදා කඳවුරේ සෙබළුන් 10 දෙනාගෙන් එක් අයෙකු අතුරුදන්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

පසුව ජලාශයේ බැම්මට මීටර් 300ක් පහළින් අතුරුදන් වූ සෙබළාගේ සිරුර සොයා ගැනුණා.

මියගොස් ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නාඋල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *