මෛත්‍රීගේ සාකච්ඡාවට අධිකරණ ඇමති එයි

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සහ විධායක කමිටු සාමාජිකයින් පක්ෂ මූලස්ථානය වෙත කැඳවා තිබුණි.

ඊයේ පෙරවරුවේ ආරම්භ වූ එම රැස්වීම සඳහා අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාද එක්වී සිටියේය.

ආරාධිත දේශනයක් සඳහා ඔහු එලෙස පැමිණි බව වාර්තා විය.

පාස්කු දින ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමා දන්නා බවත්, ඒ පිළිබඳ අධිකරණයෙන් නියෝගයක් දෙන්නේ නම් ඒ පිළිබඳ කරුණු හෙළි කිරීමට තමන් සූදානම් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාර්තු 22 වනදා මහනුවරදී ප්‍රකාශ කළේය.

ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත නියෝග කළ අතර ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 25 වනදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී තිබුණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වනදා ට අධිකරණයට ද ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *