මෙල්බර්න් හි ප්‍රමාද වූ ශ්‍රී ලංකන් ගුවන් යානය යළි කටුනායක බලා යයි.

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළේදී සෙනසුරාදා (15) කාර්මික දෝෂයකට ලක් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් (UL-605) මගී ගුවන් යානය අද උදෑසන 7.40 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය.

මෙම යානයේ ළමුන් 5 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු ඇතුළු මගීන් 218 දෙනෙකු සිට ඇත.

ප්‍රංශයේ නිෂ්පාදිත A-330 එයාර්බස් වර්ගයේ මෙම ගුවන් යානය සෙනසුරාදා රාත්‍රී 10.25 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණීමට නියමිතව තිබූ නමුත් කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් ගමන අවලංගු කර ඇත.

පසුව අද කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආ මෙම ගුවන් යානය අලුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවයේ ඉංජිනේරුවන් හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එදින (15) රාත්‍රියේ ඔස්ට්‍රේලියාවට ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *