මෙරට සමස්ථ කොවිඩ් ආසාධිතයින් ගණන 3299 දක්වා ඉහළට

ඊයේ (21) දිනයේ කොවිඩ් රෝගීන් 12 දෙනෙකු වාර්තා වීමත් සමගම මෙරට සමස්ථ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 3299 දක්වා ඉහළ ගොස් තිබේ.

එම රෝගීන් ගෙන් අට දෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් බවත්, සෙසු හතර දෙනා අතර ඉන්දීය ජාතික නාවිකයින් දෙදෙනෙකුත්, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයෙකු ද වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

මේ වන විට පුද්ගලයින් 3100ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන අතර, රෝගීන් 186 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ මේ වනවිට පුද්ගලයින් 43,849 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *