කොරෝනා

මෙරට කොරෝනා ව්‍යාප්තිය සමාජ ව්‍යාප්තියක් අභියස – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මේ වන විට දිස්ත‍්‍රික්ක 21කින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් ඇති බවත් උප පොකුරු ගණනාවක් බිහිවී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසා සිටියි.

ඇතැම් පොකුරු මිනුවන්ගොඩ සබඳතාවක් පෙන්නුම් කළත් ඇතැම් පොකුරු ආරම්භ වූයේ කෙසේදැයි සම්බන්ධතාවයක් සොයාගත නොහැකි තත්වයකට පැමිණ තිබෙන බවත්, ඒ අනුව සමාජය තුළින් අහඹු ලෙස ආසාදිතයන් හමුවිම බරපතළ තත්ත්වයක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටින්නේ අද වෙන විට මෙරට කොරෝනා ව්‍යාප්තිය සමාජ ව්‍යාප්තියක් අභියස තිබෙන බවත්, එබැවින් මේ මොහොතේ සිදු කල යුත්තේ රට වැසීම නොව ප්‍රදේශ සම්බන්ධයෙන් නිවැරදි තීන්දු ගැනීම බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *