මෙරටට ගෙන්වූ දෙවන එන්නත් තොගය අද සිට එන්නත්කරණයට පියවර

මෙරටට ගෙන්වූ දෙවන සයිනොෆාම් එන්නත් මාත්‍රා තොගය අද සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

ඒ අනුව සෞඛ්‍ය අංශවල නිර්දේශයන්හි ප්‍රමුඛතාව අනුව, දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක් අතර එන්නත් බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

චීන රජයේ ප්‍රධානයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් අද දිනයේ මෙරටට රැගෙන එනු ලැබීය.

මීට පෙරද චීන රජය සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් මෙරටට ප්‍රධානය කර ඇත.

Leave a Reply

Your email address will not be published.